දඹගල්ල පොලිස් බල ප්‍රදේශයට අයත් ගල්බොක්‌ක ගම්මානයේ ඉදිකරමින් තිබූ නිවසක බිත්තියට හාන්සි වී පාඩම් කරමින් සිටි දැරියන් දෙදෙනකුගේ ඇඟ මතට එම බිත්තිය කඩා වැටීමෙන් ඊට යටවී එම දැරියන් දෙදෙනා (19 දා) සවස සිද්ධිය වූ ස්‌ථානයේදීම මියගොස් තිබේ. මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ ගල්බොක්‌ක කනිටු විදුහලේ හතරවැනි හා පස්‌වැනි ශේණිවල ඉගෙනුම ලැබූ දිසානායක මුදියන්සේලාගේ නිෂානි මධුශංක
දිසානායක (10) හා බුලත්සිංහලාගේ ශ්‍රීයානි ඉමේෂා (08) නමැති දැරියන් දෙදෙනායි.
වර්ෂය අවසානයේ පැවැත්වෙන වාර පරීක්‍ෂණයෙන් ඉහළින්ම සමත්වී ප්‍රථම ස්‌ථානය ලබා ගැනීමේ අරමුණෙන් මෙම දෙදෙනා දිනපතා සවස මෙම ස්‌ථානයේ වාඩිවී පාඩම් කරමින් සිට ඇත.
මුළු ගල්බොක්‌ක ප්‍රදේශයම කම්පාවට පත් කරමින් සිදුවූ මෙම මරණ දෙක පිළිබඳව මහෙස්‌ත්‍රාත් පරීක්‍ෂණය (20 දා) පැවැත්වීමට නියමිතව තිබිණි.
මොණරාගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එල්. සී. ගුණවර්ධන මොණරාගල ෂෂ ස.පො.ප. පුෂ්පකුමාර යන නිලධාරීන්ගේ උපදෙස් මත දඹගල්ල පොලිසියේ ස්‌ථානාධිපති ප්‍ර.පො.ප. දේහිත දේශප්‍රිය මහතාගේ මෙහෙයවීමෙන් පො.ප. බණ්‌ඩාර, පො.සැ. (31126) ජයවර්ධන, පො.කො. (41622) සුනිල් යන නිලධාරීහු වැඩිදුර පරීක්‍ෂණ සිදුකරති.

No comments:
Post a Comment