Sports

ඩිල්රුවන් - අජන්ත - කුසල් විස්සයි-20 සංචිතයට එක්වෙති





පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර මේ මස 25 වැනිදා අබුඩාබිහිදී පැවැත්වෙන විස්සයි-20 තරගයට සහභාගි වීමට තුන් ඉරියව් ක‍්‍රීඩක ඩිල්රුවන් පෙරේරා, පිට දඟ පන්දු යවන අජන්ත මෙන්ඩිස් සහ පිතිකරු කුසල් ජනිත් පෙරේරා යන ක‍්‍රීඩකයෝ අද (22) රාත‍්‍රි අබුඩාබි බලා පිටත්ව යෑමට සූදානමින් සිටියහ.
ප‍්‍රවේගකාරි ආරම්භක පිතිකරුවකු වන පිට දඟ පන්දු යවන ඩිල්රුවන් පෙරේරා, ශ්‍රී ලංකාවේදී  ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව පැවැති විස්සයි-20 තරග දෙකේදී පන්දු යවන්නකු ලෙස විශිෂ්ට දස්කම් දැක්වීය. ඩිල්රුවන්,  ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව පළමු විස්සයි-20 තරගයේදී කඩුලූ තුනක් දවා ගනිමින් අවධානය දිනා ගත්තේය.
ලෝක විස්සයි-20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානයේ සිටින අජන්ත මෙන්ඩිස් ආබාධයකට ලක්වීම නිසා  ඕස්ටේ‍්‍රලියානු සංචාරයේදී සහ මෙම පාකිස්තානු සංචාරයේදී කණ්ඩායමේ ස්ථානය අහිමිවිය. අජන්ත මේ වන විට විස්සයි-20 තරග 20 කදී කඩුලූ 39 ක් දවාගෙන තිබේ.
ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිල නියෝජනය කළ යොවුන් කඩුලූ රකින ක‍්‍රීඩක කුසල් ජනිත්, ශ්‍රී ලංකා විස්සයි-20 සංචිතයට එක්වූ පළමු අවස්ථාව මෙය වේ.







මහේල සුවිශේෂී කඩඉමක

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායම හිටියේ ජයග්‍රහණ පිපාසයකින්. ඒ ජයග්‍රහණ පිපාසයට ඩුබායි ක්‍රිකට්‌ පිටියේදී පොද වැස්‌සක්‌ වැටුණා. පසුගිය සඳුදා පැවැති එම තරගයෙන් ශ්‍රී ලංකාව පකිස්‌තානය පරදවා ජය ගත්තා. ඒ ජයග්‍රහණයට වැඩියෙන්ම දායකත්වය දුන්නේ මාලිංග. ඔහු පකිස්‌තානයේ කඩුලු 3 ක්‌ දවා ගත්තා. ජයග්‍රහණයට පාර පෙන්නුවේ ඔහු. ඊට පෙර තරංග ඉවසිලිවන්ත අර්ධ ශතකයක්‌ වාර්තා කර තිබුණා. පන්දු 120 කදී තරංගගේ පිත්තෙන් ලකුණු 77 ක්‌ ආවා. ඒ ගමන සෙමින්. ඒත් අධිෂ්ඨානයක්‌ තිබුණා. තරංගගේ පිති හරඹය එසේ සෙමින් ගලා යද්දී ජයග්‍රහණයකට අවැසි ලකුණු වේගය ආවේ මහේලගේ පිත්තෙන්. පකිස්‌තාන පන්දු යවන්නන් හා පන්දු රකින්නන් ශ්‍රී ලංකා ඉනිම යට කරගෙන සිsටියදී මහේල ඔවුන් එහා මෙහා කරමින් නැගී සිටියා. එහි ප්‍රතිඵලය වුණේ අවසන් පන්දු වාර කිහිපයේ ශ්‍රී ලංකා පිල සැලකිය යුතු ලකුණු ප්‍රමාණයකට පැමිණීම.

එහිදී මහේලගෙන් වාර්තා වුණු අර්ධ ශතකය ඔහුගේ 61 වැනි අර්ධ ශතකය වුණා. මහේල එසේ තම 61 වැනි අර්ධ ශතකය වාර්තා කරද්දී ඔහුගේ පෞද්ගලික එක්‌දින ලකුණු සංඛ්‍යාව 9987 ක්‌ ලෙස සටහන් වුණා. අද ඉරිදා වන විට මහේල බොහෝ විට ලකුණු 10000 සීමාව ඉක්‌මවා ඇති. ඒ පසුගිය සිකුරාදා පැවැති තරගයේදී. එම තරගයට පෙර එක්‌දින තරග 354 කට ක්‍රීඩා කර තිබූ මහේල එහිදී ශතක 15 ක්‌ සහ අර්ධ ශතක 61 ක්‌ වාර්තා කර තිබුණා. එම ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 33.51 ක්‌ ලෙස සටහන් වුණේ මහේලගේ දක්‌ෂතාව ප්‍රදර්ශනය කරමින්.

එක්‌දින ලකුණු 10,000 මෙන්ම ටෙස්‌ට්‌ ලකුණු 10,000 සීමාවේද මේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයා රැඳී සිටිනවා. ඒ ටෙස්‌ට්‌ තරග 125 ක්‌ තුළ ලකුණු 9954 ක්‌ රැස්‌ කරමින්. පසුගිය ටෙස්‌ට්‌ තරගාවලියේ දී දැඩි ලෙස අසාර්ථක නොවන්නට මහේලට ඒ සීමාව මේ වන විටත් පසුකර යන්නට තිබුණා. පන්දු වාර 20-20 තරග වලදීත් ශ්‍රී ලංකා කණ්‌ඩායමේ සුවිශේෂ ක්‍රීඩකයෙක්‌ වන මහේල එම තරග 35 කදී ලකුණු 953 ක්‌ 

රැස්‌කර තිබෙනවා. ඒ සඳහා ශතකයක්‌ සහ අර්ධ ශතක 6 ක්‌ වාර්තා කර ඇති මහේල එහි ප්‍රහාරාත්මක වේගය 139 ද ඉක්‌මවා තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායම සතු ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයා වන මහේල කණ්‌ඩායමටත්, නායකත්වයටත් සැමදා වාසනාව ගෙන දුන් ක්‍රීඩකයෙක්‌.

No comments:

Post a Comment