Friday, November 18, 2011

ධවල මන්දිරයට වෙඩි තියලා

ඔබාමා ඝාතන සැලැස්මක්දැයි සැකයක්


ඇමෙරිකාවේ ධවල මන්දිරයට වෙඩි තබා පලා ගිය 21 හැවිරිදි තරුණයකු අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු එෆ්.බී.අයි. පරීක්ෂකවරු පෙරේදා (16) සමත්වූහ.

ඔස්කාර්  ඕටේගා හර්නෑන්ඬේස් නමැති එම තරුණයා ධවල මන්දිරයට වෙඩි තබා ඇත්තේ ඉකුත් 11 වැනිදාය. ධවල මන්දිරය අසල මාර්ගයේ සිට ඔහු වෙඩි ප‍්‍රහාර දෙකක් එල්ල කොට ඇත. එය ජනාධිපති ඔබාමා ඝාතනය කිරීමේ අරමුණින් කළ වෙඩි තැබීමක් විය හැකි යැයි ධවල මන්දිරයේ ආරක්ෂක නිලධාරීහු පවසති.
එහෙත් එම අවස්ථාවේදී ජනපති ඔබාමා හෝ ජනපති ආර්යාව මිෂෙල් ඔබාමා හෝ ධවල මන්දිරයේ නොසිටියහ. ඔවුහු එම අවස්ථාවේ සිටියේ හවායි දූපතේ ඇපෙක් සමුළුවට සහභාගී වෙමිනි.
හර්නෑන්ඬේස් තැබූ එක වෙඩි උණ්ඩයක් ධවල මන්දිරයේ දෙවැනි මහලේ වෙඩි නොවදින වීදුරුවට වැදී ඇති බව ජනපති ආරක්ෂක අංශය හෙළි කරයි.
වෙඩි තැබීමෙන් පසු හර්නෑන්ඬේස් පලා ගොස් ඇති අතර එෆ්.බී.අයි. පරීක්ෂකවරුන්ගේ සාර්ථක පරීක්ෂණයකින් පසු ඔහු අත්අඩංගුවට ගැනීමට හැකිවූයේ පෙරේදාය.
හර්නෑන්ඬේස්, පෙන්සිල්වේනියා ජනපදයේ පදිංචිකරුවකු බවත් ඔහු මානසික ව්‍යාධියකින් පෙළෙන තැනැත්තකු බවත් එෆ්.බී.අයි. පරීක්ෂකවරු වැඩිදුරටත් කියා සිටිති. එෆ්.බී.අයි පරීක්ෂකවරුන් ඔහු අත්අඩංගුවට ගත්තේය. පෙන්සිල්වේනියා ජනපදයේ හෝටලයක ලැගුම් ගෙන සිටියදීය.

No comments:

Post a Comment